එක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයේ දී ලබන ජයග්‍රහණය මත පක්ෂයේ හා පාක්ෂිකයන් ගේ අනාගතය රැඳී පවතින බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
එසේම ඉදිරි මාස එක හමාර තුළ ජනපතිවරණය ජයග්‍රහණ යකරා ගෙන යන සටන සිදු කිරිමට හදවතින්ම කැප විය යුතු බවද ඔහු පැවැසීය.
ඔහු මේ බව ප්‍රකශ කළේ එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකයන් සහ දිස්ත්‍රික් කළමණාකරුවන් සඳහා කෝට්ටේ සිරිකොත මන්දිරයේ අද (30දා) පෙරවරුවේ දී පැවති රැස්වීම අමතමිනි.
“නැවත වතාවක් එක්සත් ජාතික පක්ෂයට රාජ්‍ය නායකත්වය ලබා ගැනීමේ සටන අද ආරම්භකර තිබෙනවා. දීර්ඝ කාලයක් එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති ධූරය තිබුණේ නැහැ. අපේ පාක්ෂිකයන්ට කටයුතු ඉටුකර දීමේ දී විවිධ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු වුණ.
මේ හැම ප්‍රශ්නයකට ම විසඳුමක් දෙන්න එදා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා ඉතාමත්ම හොඳ තීරණයක් ගත්තා. හැමෝම එකතු කර ගනිමින් පක්ෂයේ එකමුතුකම ආරක්ෂා කරමින්, එතුමා ඒ ගත් තීරණය අනුව පක්ෂය නැවතත් අද එක්සත් වෙලා තියනවා, එකමුතු වෙලා තියනවා. කිසිම බලවේගයකට අපේ මේ එකමුතු කම කඩන්න බැරි තැනකට අද ඇවිල්ලා තියනවා.”
