එජාප මන්ත්‍රීවරුන්ට පහර නොදුන්නේ ඇයිදැයි සජිත් ඇහුවා - එරාජ්
හම්බන්තෙට වරාය හා මිරිජ්ජවිල ගුවන් තොටුපොළ නිරීක්ෂණය කිරීම සඳහා පැමිණි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට පහරදි ඔවුන්ව පළවා හැරීමට කටයුතු නොකළේ මන්දැයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා තමන්ට දුරකතන ඇමතුමක් දී විමසා සිටි බව හම්බන්තෙට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.
හම්බන්තොට නගරයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් කාර්යාල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
මෙම නඩුවට අදාළව වසර පහක සිර දඬුවම් නියම වූ නගරාධිපතිවරයා පසුව ඇපෑලක් ඉදිරිපත් කළ පසුගියදා ඇප මත නිදහස් විය.
“වරාය සිද්ධිය මිරිජ්ජවිල ජනතාවත් හම්බන්තොට වරායේ සේවය කළ අයත් හොඳට දන්නවා. මගේ දුරකතන වාර්තා ගන්න පුළුවන් නම් මම කියනවා සී.අයි.ඩී. එකට ගන්න. 2014 අප්‍රේල් 17 වැනිදා ඒ සිද්ධිය වුණේ. 18 දා උදේ මට කථා කළේ සජිත් ප්‍රේමදාස මහ ලොකු ජනාධිපති අපේක්ෂකයා.
මගෙන් ඇහුවේ ‘එරාජ් මොකද ඔය අය බේරුවේ (එජපා මන්ත්‍රීවරු) මටත් නොකිය ඔය අය ආවේ. අපරාදේ ඔය අයට ගහන්න තිබුණේ දුවනකම්’ කියලා. තමන්ගේ පක්ෂේ මන්ත්‍රීවරුන්ට එහෙම කිව්වා සජිත් ප්‍රේමදාස.
මම අභියෝග කරනවා අද නවීන තාක්ෂණයෙන් දුරකථන වාර්තා අරගෙන මට කතා කලේ කාගේ නොම්බරයෙන්ද ඒ නොම්බරය අරගෙන ගන්න පුළුවන් රෙකොඩින් එක.
අද සී.අයි.ඩී. එකට පුළුවන්. අරගෙන බලන්න සජිත් ප්‍රේමදාස මොනවද කිව්වේ කියලා. මේක නෑ කිව්වොත් මම සජිත් ප්‍රේමදාසට අභියෝග අභියෝග කරනවා හම්බන්තොටට ඇවිල්ල කියන්න 2014 අප්‍රේල් 18 දා මට කිව්වේ නැත්ද මේ අය බේරුවේ ඇයි? ඒ අයට ගහන්න නොදුන්නේ ඇයි කියලා මගෙන් ඇහුවා.”

popular news
-
dilal Friday, 25 October 2019 04:39 PM
සජිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුනානම් මේ කතාව කවදාවත් ගොතන්නේ නැහැනේද?එහෙම දෙයක් සිදුවුනනම් ඔයා ඒ දවස්වලමයි ඔය කතාව කියන්නේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

