එක්සත් ජාතික පක්ෂ 79 වෙනි සංවත්සරය ලබන 20 වන සෙනසුරාදා උදෑසන 9.00 ට ජයවර්ධනපුර, මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී සැමරීමට කටයුතු කර තිබෙන බව පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවැසීය.
එජාප 79 වැනි සංවත්සරය සැප්තැම්බර් 6දාට යෙදී තිබුණත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වූ හෙයින් එදින සංවත්සරය සැමරීමට නොහැකි වූ බවද ඔහු පැවැසීය.
"එක්සත් ජාතික පක්ෂය ආරම්භ කරන්න එවකට ලංකාවේ තිබුණු සියලුම දේශපාලන පක්ෂ පාහේ සම්බන්ධ වුණා. 1947 දී ඩී. එස්. සේනානායක මැතිතුමා අගමැතිධූරයට පත්වන්නේද මේ සියලුදෙනාගෙම ආශිර්වාදය මතයි. ඉතින් එැවැනි පක්ෂයක සංවත්සරය සමරන අවස්ථාවේදී ලංකාවේ තිබෙන සියලු දේශපාලන පක්ෂ එකතු කරගත යුතුයි කියලා අපේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා උපදෙස් ලබාදුන්නා. ඉතින් ඒ අනුව අපි ලංකාවේ තිබෙන සෑම දේශපාලන පක්ෂයකටම වගේ ආරාධනා කර තිබෙනවා මේ සඳහා සම්බන්ධ වන්න කියලා."