ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය අරමුණු කරගනිමින් එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජාතික පෙරමුණේ මූලිකත්වයෙන් පුළුල් සන්ධානයක් බිහිකිරීමේ කටයුතු මේ වනවිට යළි ආරම්භ කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරයි.
ඒ අනුව ජනවාරි මස මුල් සතිය වනවිට සන්ධානය නිර්මාණය කිරීමේ කටයුතු සිදුකිරීමට එක්සක් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් සාකච්ඡා කර ඇත.
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමත් සමග මෙම කටුයුතු කඩිනමින් සිදුකිරීමේ අවශ්‍යතාව පිළිබඳවද එක්සත් ජාතික පෙරමුණේ නායකයන් අවධාරණය කර ඇතැයි වාර්තා වේ.
එක්සත් ජාතික පෙරමුණෙන් බිහිවන පුළුල් පෙරමුණට සම්බන්ධ වන දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන, වෘත්තීයවේදීන්ගේ සංගම් ඇතුළු පාර්ශ්ව රැසක් සමග මේ වනවිට සාකච්ඡා ආරම්භ වී ඇති බවත්, එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා පුළුල් බලවේගයක් බිහිකිරීම මෙම සන්ධානය පිහිටුවීමේ අරමුණ බවත් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෙක් %අද^ පුවත්පතට පැවසීය.
එමෙන්ම ප්රජාතන්ත්රවාදය අගයන සැමට එම සන්ධානය වටා එක්විය හැකි බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.