එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලිය කොළඹ නගර සභාව ඉදිරිපිටදී පැවැත්වෙන බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මහතා පැවසීය.
වැඩි ජනතා සහභාගිත්වයක් සහිතව මෙවර මැයි රැලිය පැවැත්වීමට සැලසුම් කර තිබෙන බැවින් නගර සභා පිටිය යොදාගන්නා බවද රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.
මෙවර මැයි රැලියේදී වැදගත් දේශපාලන තීන්දු කිහිපයක් ගැනීමට පක්ෂය සැලසුම් කර තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
දින 51ක දේශපාලන අර්බුදය පැවැති අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය විසින් ගාලුමුවදොර පිටියේ පැවැත්වූ රැලියට පැමිණි ජනතාවට වඩා පිරිසක් මෙවර මැයි රැලියට අපේක්ෂා කරන බවද හෙතෙම පැවසීය.
එසේම එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙන බවත්, ඒ අනුව සංවිධාන කටයුතු සිදුකරමින් යන බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.