එක්සත් ජාතික පක්ෂ ඉතිහාසය හැමදාමත් අපකීර්තිමත් - චන්දිම
අපකීර්තිමත් දේශපාලන අතීතයකට හිමිකම් කියන එක්සත් ජාතික පක්ෂය පොදුජන පෙරමුණේ මන්ත්රීවරයෙකුගේ නිවසකට පහර දෙමින් පරණ සෙල්ලම් ආයෙමත් පටන්ගෙන ඇතැයි ගාල්ල දිස්ත්රික් මන්ත්රී චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.
හෙතෙම ඒ බව පැවසුවේ බද්දේගම සන්දරවල ප්රදේශයේ පැවැති ජන හමුවකට සහභාගි වෙමිනි.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ මන්ත්රීවරයා,
‘‘එක්සත් ජාතික පක්ෂය ඉතිහාසය හැමදාමත් අපකීර්තිමත්. 82 පවත්වපු ජනමත විචාරණය ලංකාවේ තිබුණු දුෂීතම මැතිවරණය කියලා ඒදා හිටපු මැතිවරණ කොමසාරිස්තුමා රටට හෙළි කරා. ඒ විදිහට බොරු ජන්ද තියලා මැතිවරණ කල්දාපු එක්සත් ජාතික පක්ෂය අදත් ඒ විදිහට මැතිවරණ එපා කියලා නඩු කියනවා. ඔබ තමුන්නාසේලා වගේ මේ රටේ අතිබහුතරයක් අද මැතිවරණයක් ඉල්ලලා සටන් කරනවා. අද රටේ තියෙන අරාජික තත්වයට විසදුම මහමැතිවරණයක් තුළින් ලබාදිය හැකි බව හැම පුරවැසියාම විශ්වාස කරනවා. ජනාධිපතිතුමා මැතිවරණයක් කැදෙව්වේ ඒ බලාපොරොත්තුවෙන්.
මේ රට බෙදන්න උදව් කරන දේශිය හා විදේශීය බලවේගයි, එන්ජී ඕ හොර නඩයයි ඔක්කොම අද එක පිලකට ඇවිල්ලා ප්රජාතන්ත්රවාදය ඉල්ලනවා. ඒත් මැතිවරණය එපා කියනවා. මේ වගේ කිසිම වගකීමක් නැති ප්රකාශ නිකුත් කරන එක්සත් ජාතික පක්ෂය ඒදා ගෝනවල සුනිල්ලා සොත්ති උපාලි ලා එක්ක පටන් ගත්ත මැර දේශපාලනය ආයෙම කරන්න පටන් අරගෙන. රජයේ වාහන වලින් ඇවිල්ලා ගෙවල් කුඩුකරන තත්වයට පත්වෙලා"යැයි ඔහු වැඩිදුරටත් පැවසීය
.
popular news
-
thilak Wednesday, 12 December 2018 06:23 PM
UNP යට වඩා ඔය කර ගත්ත වැඩේනම් වසර 70කදි දරුණුම අවපාතය ?
Reply : 0 0
rocky Thursday, 13 December 2018 07:37 AM
ඔවු,ඔවු. පොදු පෙරමුණ කවදා ටත්, හොරකම්, දාමරික කම් ස්ත්රී දූෂණ, පගා ගැහිලි, කොමිස් ගැහිලි, කුඩු බිස්නස්, ආදී දහදුරා වැඩ වලින් කවදාටත් සත්කීර්තිමත් බව ලෝක ප්රසිද්ධයි නේ?
Reply : 0 0
Don Thursday, 13 December 2018 07:52 AM
තමන්ගේ හෙළුව වහගන්න අනුන්ගේ රෙදි පිලි ගලවන්න හදන අමුපිස්සෝ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
