එක්කෝ වැඩ ටික කරනවා නැත්නම් යනවා
ඉදිරි මාස 10 තුළදී ආණ්ඩුව වැඩ කළ යුතු බවත් එසේ නොමැතිනම් ගෙදර යා යුතු බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඊයේ කොලොන්නාවේ පැවැති වැඩසටහනකදී ඔහු මේ බව සඳහන් කළේය.
“රණසිංහ ප්‍රේමදාස මහතාගේ නාමයෙන් මම කියනවා. එක්කෝ වැඩ ටික කරනවා. නැත්නම් මම නම් දමලා ගහලා ගෙදර යනවා. දෙකෙන් එකක්.
දූෂණ බෑ, වංචා බෑ, හොරකම් බෑ, මැරකම් බෑ,තාඩන පීඩන බෑ. මේ කියපු දේ අපි ක්‍රියාවට නංවන්න ඕන”
popular news
-
Lion Monday, 24 December 2018 10:21 AM
ඔයාගේ පප්පගේ කාලේ API කට ariye දත්මදිනෛ බත් කන්නඊ vitharai.බොරු කතා කියන්න එපා .ඔයාට පුලුවන්නම් තාත්ත කල වැරදි වලට දැන්වත් Jana තාව ගෙන් samwa ගන්න
Reply : 1 51
Lal Monday, 24 December 2018 12:59 PM
හපොයි අපි නොදන්න මෙයාගේ තාත්තගේ කෙරුවාව.පාතලය බැබළුනේ මෙයාගේ තාත්තගේ කාලේ තමයි.මැරයෝ දම්මලා නිදන්ටිකට වැඩේ දීපු හැටි අමතක නැහැ.
Reply : 0 59
Champa Monday, 24 December 2018 02:22 PM
හා හා හා අවුරුදු 4ක් තිස්සේ නොකරපුව මාස 10න් කරන්න යනවා. දැන්මම ඇමතිවරු කියනවා පහුගිය දින 50 කරපුව හොයනවලු. නියම වැඩේ. අවුරුදු 4ක් තිස්සේ මහින්ද කරපුව හොයා හොයා නඩු දදා කාලේ මැරුව. දැන් පුළුවන් පහුගිය දවස් 50 කරපුව හොයා හොයා වැරදි කියා කියා ඉතුරු මාස 10 ත් ගත කරන්න.
Reply : 0 82
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
