චීනය සහ ශ්‍රී ලංකාව අතර කාලාන්තරයක් මිතුරන් ලෙස කටයුතු කර ඇති බවත් පුරාණ සේද මාවත දිගු කලක් තිස්සේ චීනය හා ශ්‍රී ලංකාවට එකට බැඳ තබා ඇති බවත් ශ්‍රී ලංකාවේ චීන තාපති චී ෂෙන්හොං මහතා පැවැසීය.
ජපන් ආක්‍රමණයට සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයට එරෙහිව චීන ජනතාවගේ ප්‍රතිරෝධක යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංනකාවේ චීන තානාපති කාර්යාලය සංවිධානය කර තිබූ උත්සවය අමතමින් චීන තානාපතිවරයා මෙම අදහස් දැක්වීය. හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවයපැවැත්විණ.
උසස් තත්ත්වයේ එක් තීරයක් සහ මාවතක් සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය හා ශ්‍රි ලංකාව දැන් අත්වැල් බැඳගෙන කටයුතු කරමින් සිටින බවත් හම්බන්තොට වරායේ ප්රගතියේ සිට කොළඹ වරාය නගරයේ නැගීම දක්වා සහ යටිතල පහසුකම් සම්බන්ධතාවයේ සිට සංස්කෘතික හුවමාරු ගැඹුරු කිරීම දක්වා, පි ඒකාබද්ධව සංයුක්ත ක්‍රියාමාර්ග හරහා බෙදාගත් අනාගතයක් සහිත චීන-ශ්‍රී ලංකා ප්‍රජාවක් ගොඩනැගීමේ විචිත්‍රවත් පරිච්ඡේදයක් ලියමින් සිටින බවත් තානාපතිවරයා පැවැසීය.
සහයෝගීතාවයේ මෙම වීර කාව්‍ය නව පරිච්ඡේදය වන්නේ ඉතිහාසයට වඩාත්ම සජීවී උපහාරය, සාමය සඳහා වඩාත්ම ශක්තිමත් පදනම බවත් එය නිසැකවම ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා වඩා දීප්තිමත් චිත්‍රයක් පින්තාරු කරනු ඇතැයිද තානාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.




