සමගි ජන බලවේගයේ කිසිම අපේක්ෂකයකුට මේ පාර ඡන්දය දිනන්න බැරි බවත් ඔවුන් එජාපයෙන් ඉවත්වූවත් එක්සත් ජාතික පක්ෂයට ඉන් හානියක් නොවන බවත් ශ්‍රි ලංකා ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.
වත්මන් දේශපාලන තත්ත්වය පිළිබදව අද (31 )කරන්දෙණියේ පැවති මාධ්‍ය හමුවක් අමතා එසේකී සීලරතන හිමියෝ එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසුහ.
මේ රටේ කිසිම නීතියක් නැහැ.මේ කොරෝනා වසංගතය හමුවේ සාමාන්‍ය කෙනෙකු මිය ගියාම එක් දිනක් තුළ දහපහලොස් දෙනෙකු පමණක් සහභාගී කරවාගෙන අවසන් කටයුතු කරනවා. නමුත් ඒ නීතිය තොණ්ඩමන් ඇමතිතුමාලාට නැහැ. මේකද රටේ නීතිය .අපි තොණ්ඩමන් මහත්තයත් එක්ක අමනාපයක් නැහැ .එතුමාට නිවන් ප්‍රාර්ථනා කරනවා තොන්ඩමන් මහත්තයා මැරිලා සතියකට ආසන්න කාලයක් වෙනවා. ඒ මළගමට දහස් සංඛ්‍යාත ජනතාවක් සහභාගී වෙනවා. යම් හෙයකින් මේ අතර කොරෝනා ආසාදිතයෙක් හිටියොත් ඉතින් අපේ රටට දෙවියන්ගේම පිහිටයි.
සජිත් ප්‍රේමදාස මහත්තයා යන්නේ තාත්තා ගිය මගේ නෙමෙයි. එතුමා යන්නේ නොමගෙයි. එක්සත් ජාතික පක්ෂයෙන් සමගි ජන බලවේගයේ අය ඉවත් කිරීමෙන් එක්සත් ජාතික පක්ෂය නැති වෙන්නේ නැහැ. හැබැයි එක්සත් ජාතික පක්ෂයෙන් ගිය සමගි ජන බලවේගයට නම් වැඩිදුරක් යන්න නම් බැහැ . ඒ වගේම සමගි ජන බලවේගයේ කිසිමකෙනෙකුට මේ පාර මැතිවරණයෙන් දිනන්න බැහැ. ජනතාව ඉන්නේ එක්සත් ජාතික පක්ෂය සමගයි. ඒක සජිත්ට නතර කරන්න බැහැ. පක්ෂයක නිති කඩන අය පක්ෂෙන් දොට්ට දාන්න ඕන. නැත්නම් පක්ෂයක් පවත්වාගෙන යන්න බැහැ.
එක්සත් ජාතික පක්ෂය කියන්නේ රටේ දැවැන්තම පක්ෂයක්. ජන නායකයින් රැසක්ම රටට දායාද කළ පක්ෂයක්. එහෙම පක්ෂයක් නැති කරන්න සජිත්ලා හිතුවා මදි. ප්‍රේමදාස තාත්තා ළග තිබුණු එකම ගතිගුණයක්වත් සජිත් ළග නැහැ. එතුමා අහලකින්වත් සජිත් තියන්න බැහැ. අපිත් මේ බලාගෙන ඉන්නේ සජිත්ලා ඇතුලු ගෝලබාලයින්ට වෙන්නේ මොකද කියලයි .
(කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත )