ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අහමඞ් අල්මුල්ලා මහතා අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.
ජනාධිපතිතුමා සමඟ සුහද කතාබහක නිරත වූ තානාපතිවරයා දෙරටේ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියේදි වඩා සහයෝගයෙන් කටයුතු කිරිමට කැපවන බවට සහතික විය.
එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නව දැක්මක් සහිත වැඩපිළිවෙළ අගය කළ තානාපතිවරයා එය සාර්ථක කර ගැනීමට උපරිම සහාය ලබාදෙන බව ද ප්‍රකාශ කළේය.
මේ අතර ශ්‍රී ලංකාවේ නවසිලන්ත මහකොමසාරි Joanna Kempkers පිරිස ද අද පස්වරුවේජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවි සිය සුභාශීංසන පළ කළාය.
දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් අනොන්‍ය ප්රතිලාභ ඉහළ නංවා ගැනීමට කැප වන බවට එහිදී ඔවුහු සහතික වූහ.