බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව තොණ්ඩමන්පුර නිවාස සංකිර්ණයේ එකම පවුලේ 08 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට අද දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ජේ ගනේෂ් මහතා පැවසිය.
පෙර අසාදිතයා එම පවුලේ ගෘහ මුලිකයා වන අතර, එම අසාදිතයා හදිසියේ ඇති වු හෘද්‍යා බාධයක් හේතුවෙන් ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු සිදු කල ඇන්ටිජන් සහ පි.සි.ආර් පරික්ෂණය අනුව එම රෝගියාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු විමෙන් පසු පවුලේ සමාජිකයන් 08 දෙනා ස්වයං නිරෝධානයට යොමු කර පසුව සිදුකරන ලද පි.සි.ආර් පරික්ෂණය අනුව බිරිදට සහ පෙර අසාදිතයාගේ දරුවන්ට සහ ඥාතින්ට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේ.
මෙම අසාදිතයන් 08 දෙනාට අමතරව බගවන්තලාව කිලානි වතු යායේ වතු කම්කරුවෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (01) දින තහවුරු වු බව බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා පැවසිය.