පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ එකම නිවසේ පදිංචිව සිටි මවක් හා දියණියක් කෝවිඩ් ආසාධනය වීමේන් මරණයට පත්ව ඇති බවත් දින දෙකකට පෙර මරණයට පත්වූ පියාගේ සිරුර රහසේම වෙප්පමඩුව මුස්ලිම් සුසාන භුමියේ මිහිදන් කිරීම සම්බන්ධව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සිදුකළ පැමිණිල්ලකට අනුව විශේෂ පරික්ෂණයක් ආරම්භ කර ඇති බව පුත්තලම මුලස්ථාන පොලීසිය අද (7දා) පැවසීය.
මෙසේ කෝවිඩ් ආසාධිතව මරණයට පත්ව ඇත්තේ පුත්තලම මන්නාරම මාර්ගයේ වෙප්පමඩුව පදිංචිව සිටි 51 හැවිරිදි සිත්ති අජීබා හා ඇගේ දියණිය බව කියන 37 හැවිරිදි ෆාතිමා සහානා නැමති එකම නිවසේ පදිංචි අය බව කියයි.
මෙම පවුලේ ගෘහ මුලිකයා වු 56 හැවිරිදි මොහොමඩ් නිස්තාර් නැමති අය හදිසියේම 4 දින මරණයට පත්ව ඇති බවත් ඔහු ප්‍රථිකාර ලබා ගත් පුත්තලම ආයුර්වේදයේ වෛද්‍ය වරයාගේ උපදෙස් මත මෙසේ ප්‍රදේශය භාර ග්‍රාම නිළධාරියා දැනුවත් කිරීමේන් පසු වෙප්පමඩුව මුස්ලිම් සුසාන භුමියේ මිහිදන් කර ඇති බව කියයි.
කෙසේ වෙතත් මෙම තැනැත්තාගේ අවසන් කටයුතු කිසිදු නීරෝධායන නීති රිති මත සිදුකර නැති බවත් මොහු මරණයට පත්ව දින දෙකකට පසු 6 දින එකවරම අසාධ්‍ය වු මරණයට පත්වු තැනැත්තාගේ දියණීය පුත්තලම මුලික රෝහලට ඇතුලත් කරන විටත් කෝවිඩ් ආසාධිත බව සනාථ වි තිබු බවද ඇය පැය කිපයකින් මරණයට පත්ව ඇති බව කියයි.
දියණිය මරණයට පත්වි පැය කිපයක් යාමටත් පෙර 51 හැවිරිදි ඇගේ මවද නිවසේ ඇද වැටි සිහිසුන් නොමැතිව සිටියදි පුත්තලම මුලික රෝහලට ඇතුලත් කරන විටත් මරණයට පත්ව ඇති බව කියයි.
මෙම කාන්තාවට පුත්තලම මුලික රෝහලේදි සිදුකල ඇන්ටිජන් පරික්ෂණයෙන් පසුව සනාථ වි ඇත්තේ ඇය ද කෝවිඩ් ආසාධිතව සිට ඇති බවයි.
මෙසේ කෝවිඩ් ආසාධිතව මරණයට පත්ව මව හා දියණියගේ සිරුරු මේ වන විට පුත්තලම මුලික රෝහලේ මෘත ශරිරාගාරයේ තැම්පත් කර ඇති බව පොලිසිය කියයි.
පුත්තලම මුලස්ථාන පොලිසිය හා පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පවසා සිටියේ මේ හේතුන් එසේ තිබියදි මෙම නිවසේ ගෘහ මුලිකයා වු 56 හැවිරිදි තැනැත්තාගේ සිරුර පොලිසිය හා සෞඛ්‍ය අංශ දැනුවත් නොකර භුමිදානය කිරීම බරපතල වරදක් බවයි .
ඒ අනුව මේ සම්බන්ධව විමර්ශණයක් ආරම්භ කර ඇති බවත් එසේ අදාල අංශ කිසිදු ලෙසකින් දැනුවත් නොකරමින් භුමිදානය කිරීම සම්බන්ධව අධිකරණය කරුණු ඉදිරිපත් කර නැවත දේහය ගොඩ ගැනිමට අධිකරණයෙන් අවසර ඉල්ලා ඇති බවත් එම නියෝගයෙන් පසු දේහය සම්බන්ධ ඉදිරි පරික්ෂණ අරඹන බවද පොලිසිය පවසයි.
මේ සම්බන්ධව කල විමසිමේදි පුත්තලම පුත්තලම මහජන සෞඛ්‍ය පරික්ෂක එන් .සුරේෂ් මහතා පවසා සිටියේ
අදාල සිදුවිම බරපතල තත්වයක් බවයි. කෙසේ නමුත් භුමිදානය කර ඇති දේහය සම්බන්ධව අධිකරණයෙන් ලබා දෙන නියෝගයෙන් පසුව දේහය නැවත දැඩි සෞඛ්‍ය ආරක්ෂීත ක්‍රමවේදයන් භාවිතා කරමින් පොලිසිය හා එක්ව ගොඩ ගෙන එහි පශ්චාත් මරණය පරික්ෂණය සදහා යොමු කිරීමට කටයුතු කරන බවයි.
ඒ සමගම අදාල කොරෝනා මරණ සිදුවු නිවසේ පදිංචිව සිටි වයස අවුරුදු තුනක දරුවෙකු ඇතුළු හය දෙනෙකු නීරෝධායනයට යොමු කිරීමට කටයුතු කල බව ද පැවසිය.