එකම අංකය සහිත ත්‍රීරෝද රථ දෙකක් නුවරඑළියේදී අත්අඩංගුවට
එකම අංකය සහිත ත්‍රීරෝද රථ දෙකක් එම ත්‍රීරෝද රථ දෙකේ අයිතිකරුවන් සමග අත්අඩංගුවට ගැනීමට නුවරඑළිය කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ නිළධාරින් සමත්වී ඇත.
රාගල සහ නුවරඑළිය ශාන්තිපුර ප්‍රදේශයේ එම ත්‍රීරෝද රථ දෙක තිබූ බවත්, නුවරඑළිය ශාන්තිපුර ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් ත්‍රීරෝද රථය කුලී ගමන් සදහා යොදා ගත් ත්‍රීරෝද රථයකි.
අනෙක් ත්‍රීරෝද රථය රාගල ප්‍රදේශයේ නිවසක සගවා තිබියදී සොයා ගෙන ඇති අතර, සැකකරුවන් දෙදෙනාම ඥාතින් බවයි ත්‍රීරෝද රථ දෙක අත්අඩංගුවට ගත් නුවරඑළිය කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ නිළධාරින් කියා සිටියේ.
ත්‍රීරෝද රථ දෙකේම එකම අංකයක් යොදා ධාවනය කිරිම සම්බන්ධයෙන් නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර මහතාගේ සහ නුවරඑළිය ජේෂ්ඨ පොලිස් අධිකාරි චන්ද්‍රසේකර බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි ත්‍රීරෝද රථ දෙකේ එන්ජින් අංකය සහ සැසි අංකය පරික්ෂා කිරිම සදහා නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂකවරයාගේ සහය ලබා ගැනීමට පියවර ගෙන ඇති බවයි නුවරඑලිය කොට්ඨාශ අපරාධ විමර්ෂණ ඒකකයේ ස්ථානාධිපති එස්.පී. කොහොල්දෙණිය මහතා කියා සිටියේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

