දීර්ඝ පරීක්ෂණයකින් අනතුරුව එකම අංක තහඩු ඇති කොළ පැහැති ත්රීරෝද රථ දෙකක් 19 වෙනිදා අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය කියයි.
මෙම ත්රීරෝද රථ දෙකේම වැසි අංකය, වර්ණය, තහඩු අංක සමාන බැවින් මඩකලපුව කිරාන් ප්රදේශයේ පුද්ගලයෙකුගේ පැමිණිල්ලක් අනුව ත්රිරෝද රථ දෙක අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මහතා අප කළ විමසීමකදී පැවසීය,
අනාරක්ෂිත දුම්රිය ගේට්ටු මුරකරුවකු ලෙස සේවය කරන තමන් වඩමුනේ ප්රදේශයේ පදිංචි පුද්ගලයකු රුපියල් ලක්ෂ දහයක මුදලකට ත්රීරෝද රථයක් මිලදීගෙන ඇති අතර එහි මුල් අයිතිකරු ත්රිරෝදයට අයත් කියවිලි නොමැති බවට පවසා ඇත.
ඒ අනුව කිරාන් ප්රදේශයේ පදිංචි පුද්ගලයා අදාල ලියාපදිංචි සහතිකය සකසා ගැනීමට මනම්පිටිය පොලිසියේ පැමිණිල්ලක් සිදුකර ඇති අතර එහි පිටපතක් ලබාගෙන වාලච්චේන ප්රාදේශීය ලේකම් කාර්යාලයට ගිය පසු ඒ නමින් තවත් ත්රීරෝද රථයක් ලියාපදිංචි වී ඇති බවට දන්වා ඇත.
ඒ අනුව තමන්ගේ ත්රිරෝද රථයේ වැසි අංකයෙන් සහ අංක තහඩුව නමින් වත්තේගම ප්රදේශයේ පුද්ගලයකු ත්රිරෝද රථයක් ලියාපදිංචි කර ඇති බවට පැමිණිකරු නැවත මනම්පිටියේ පොලිසියට දන්වා ඇත.
ඒ අනුව මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මහතා ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදුකර තිබේ.
පොලිසිය ඒ අනුව වත්තේගම ප්රදේශයේ පුද්ගලයා පොලිසියට කැඳවා ප්රශ්න කිරීමේදී ඔහු ද කීප දෙනෙකුගෙන් මෙම රථය මිලදී ගත් බවට පවසා ඇති අතර, මේ සම්බන්ධ පවතින ගැටළු ගහ සහගත තත්ත්වය නිසා රජයේ රස පරීක්ෂා මගින් පරීක්ෂණයක් කර අත්අඩංගුවට ගත් එකම අංක ඇති ත්රිරෝද රථ දෙක සමග වරද සිදුකුරන ලද අත්අඩංගුවට ගෙන පොළොන්නරුව මහේස්ත්රත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද මනම්පිටිය පොලිසිය කියයි.
මනම්පිටිය නිමල් ජයරත්න