එංගලන්තයේ සිට දෙවැනි ගුවන් යානයත් එයි
එංගලන්තයේ ලන්ඩන් නුවර අතරමං වී සිටි ශ්රී ලාංකික සිසුන් ඇතුළුව ලාංකිකයන් 194 දෙනෙකු රැගෙන ,දෙවන ශ්රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය 5/06 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරණ එම විශේෂ ගුවන් යානය 5/06 දින අලුයම 3.05 ට ලන්ඩන් හීත්රෝ ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මෙම ගුවන් යානයෙන් පැමිණීම සදහා ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ අතරමං වී සිටි ශ්රී ලාංකිකයන් පිරිසක් ද ලන්ඩන් වෙත පැමිණ සිටියහ .
මෙම ගුවන් මගීන් ව්යාපාරික පංතියේ 18 දෙනෙකු ද , පිරිමැසුම්දායක පංතියේ 176 දෙනෙකු ද වශයෙන් ගුවන් යානය තුළ අසුන් ගෙන සිටියහ.
මෙම සිසුන් සියලු දෙනා දුරස්ථභාවය රැකෙන පරිදි මෙම ගුවන් යානය තුළ අසුන් ගන්වා තිබූ අතර , ඔවුන් ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි වෙත පිවිසීමට පෙර විෂබීජහරණය කිරීමකට ශ්රී ලංකා ගුවන් හමුදාව විසින් ලක් කෙරුණි .පසුව ශ්රී ලංකා යුධ හමුදාව විසින් සූදානම් කර තිබූ බස් රථ වලින් මෙම සිසුන් නිරෝධායන කටයුතු සදහා රැගෙන යනු ලැබීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

