එංගලන්ත සිසුන් රැගෙන පළමු ගුවන් යානය එයි
එංගලන්තයේ, ලන්ඩන් නුවර ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව අතරමං වී සිටි ශ්රී ලාංකික සිසුන් 207 දෙනෙකු රැගෙන 5/04 දින අලුයම ශ්රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මෙම සිසුන් ලන්ඩන් නුවර හීත්රෝ ගුවන් තොටුපළේ සිට 5/04 දින අලුයම 3.30 ට පැමිණි ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණ.
මෙම සිසුන් පිරිස සහ ඔවුන්ගේ ගමන් මලු ශ්රී ලංකා ගුවන් හමුදාව විසින් විශබීජ හරණය කිරීමෙන් පසු, ශ්රී ලංකා යුධ හමුදාව විසින් ඔවුන්ගේ බස් රථ මගින් නීරෝධායන කටයුතු සදහා රැගෙන යෑම සිදු කෙරුණි.
ඒ අතර ලන්ඩන් නුවර ශ්රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින දෙවන සිසුන් කණ්ඩායම මෙරටට රැගෙන ඒම සදහා තවත් ශ්රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 5/04 දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ලන්ඩන් බලා පිටත්ව ගියේය.
ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 503 දරන එම විශේෂ ගුවන් යානය 5/04 දින අලුයම 4.00 ට කටුනායක ගුවන් තොටුපළෙන්, ලන්ඩන් නුවර හීත්රෝ ගුවන් තොටුපළ බලා පිටත්ව ගියේය.
මෙම ගුවන් යානය ඒ.330 - 343 එයා බස් වර්ගයේ ගුවන් යානයක් වූ අතර , ඒ තුළ කාර්යය මණ්ඩලය පමණක් සිටියහ. මෙම ගුවන් යානය 5/04 දින උදෑසන 10.40 ට ලන්ඩන් නුවර හීත්රෝ ගුවන් තොටුපළ වෙත ගොඩබැස්සවීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

