එ.ජා.පෙ සහ චන්ද්‍රිකා අතර අවබෝධතා ගිවිසුමක්
එක්සත් ජාතික පෙරමුණ සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර අවබෝධතා ගිවිසුමක් හෙට (01දා) දින කොළඹදී අත්සන් කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9.00ට ටාජ් සමුද්‍රා හෝටලයේදී මෙම උත්සවය ආරම්භ වන බවද අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා, එක්සත් ජාතික පක්ෂය සමග එක්ව සිටින සියලුම දේශපාලන පක්ෂවල නායකයන්, සිවිල් සංවිධාන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වීමට නියමිතය.
2015 ජනාධිපතිවරණයේදීද නව ප්‍රාජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ඉදිරිපත් වූ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහාය ලබාදුන්නාය.

popular news
-
sg Thursday, 31 October 2019 11:32 PM
මෙයා දැන් සිල් රෙද්දක් පොරවා බාවනා කලොත් නරක නැද්ද
Reply : 0 1
lion Friday, 01 November 2019 05:42 AM
විසිස්තෛ මෙහෙම නොකොළොත් එය ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අවසනයෛ
Reply : 0 0
Gamini Abheyadeera Friday, 01 November 2019 06:35 AM
ජරාව යන්නේ කුණු ගොඩට. කිසිම චන්දයක් නැතී චන්ද්‍රිකාට මොනව කරන්නද
Reply : 0 1
mp Friday, 01 November 2019 07:20 AM
ඔය අය ගිවිසුම් ගැහුුුුුුවත් ඡන්දය දාන්නේ මහජනාවයි.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

