ඌව පළාතට අයත් මොනරාගල සහ බදුල්ල දිස්ත්‍රික්ක වල විහාර සංවර්ධනයට රුපියල් කෝටි දහයක් වෙන් කර ඇතැයි ඌව පළාත් ආණ්ඩුකාරවර නීතීඥ කපිල ජයසේකර මහතා පැවසීය.
ආණ්ඩුකාරවරයා එසේ පැවසුවේ (04) වෙනිදා බණ්ඩාරවෙල අමුණුදෝව ශ්‍රී රත්නායක මුදලින්දාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉඳිකෙරෙන ධාතු මන්දිරය සදහා මුල්ගල් තැබීමේ උත්සවයට සහභාගී වෙමිනි.
උත්සහභාගී වෙමින් මෙහිදී වැඩිදුරටත් දෙයක් අදහස් දැක්වූ ඒ මහතා,"බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ඌව පළාත් සභාව විවිධ වැඩසටහන් රැසක් 2026 වර්ෂය තුළ දී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ යටතේ විහාරස්ථාන ගොඩනැඟිලි අලුත්වැඩියා කිරීම,පිවිසුම් මාර්ග සකස් කිරීම,පුරා විද්‍යාත්මක වටිනාකමින් යුත් ස්ථාන සංරක්ෂණය,පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවීම,ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය අනෙකුත් පහසුකම් සැලසීමට කටයුතු කරනවා."
මොනරාගල සුමනසිරි ගුණතිලක