පස්සර නගරයේ පවුල් 1340 කට පානීය ජලය සපයන නව ජල ව්‍යපෘතියක් ආරම්භ කිරීමට මුල් ගල තැබීම ඌව ආණ්ඩුකාරවර අධිනීතිඥ රාජා කොල්ලුරේ මහතා සහ හිටපු ප්‍රධාන ඇමති හා ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක චාමර සම්පත් දසනායක මහතා අතින් අද ( 18) දින සිදුවිය.
පළාත් පාලන අමාත්‍යාංශයේ පුරනැගුම ව්‍යපෘතිය යටතේ රුපියල් මිලියන 433ක මුදලක් ජල ව්‍යපෘතියට වැය කිරීමට නියමිත අතර හිටපු ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන මෙම ජල ව්‍යපෘතිය මාස පහළවක් තුළදි නිම කිරිමට නියමිතය.
පස්සර පුහුල්වත්ත ජලාශයෙන් හා මිල්ලබැද්ද උල්පතේ ජලය ගෙන පවිත්රාගාර ඔස්සේ පිරිසිදු කර නගරයේ උතුර,නැගෙනහිර,දකුණ සහ කනහෙළ යන කලාපයන් වල ජීවත්වන ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමට මෙම ජල ව්‍යපෘතිය ආරම්භ කර තිබේ.
උත්පත් සිදී යන නියං කාලයේදී ජලය ලබා ගැනීමට ජළ නළ ළිදක් ඉදිකිරීමටද නියමිතය.
ජල ව්‍යපෘතියෙන් දිනකට ප්‍රදේශයේ ජනතාවට ජල ලීටර ලක්ෂ හයක් බෙදාහරින අතර ලක්ෂ තුනක ජලය ගබඩා කිරිමට පහසුකම් සහිත ගබඩා ටැංකි ඉදිකරන බව ජල සම්පාදන ඉංජිනේරු උපදේශක කැලුම් ප්‍රියන්ත මහතා පැවසිය.
ප්‍රදේශයේ ජනතාව වසර පනහක් තිස්සේ මුහුණ පෑ උග්‍ර ජල හිඟයට මෙය විසඳුමක් වනු ඇතැයි
ඔවුහු විශ්වාස කරති.
පස්සර දිසා රෝහල් භුමියේ තිබෙන ප්‍රධාන ජල ටැංකිය අසල ව්‍යාපෘතිය ආරම්භ කිරීමට මුල්ගල තැබු අවස්ථාවට ප්‍රාදේශිය දේශපාලකයින්,නිලධාරීන් ඇතුලු ප්‍රදේශයේ ජනතාව සහභාගි විය.