එළඹෙන අගෝස්තු මස පැවැත්වීමට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්රභ කිරීමට අභියාචනාධිකරණය අද (23) නියෝග කර ඇත.
2026 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයට පළමුවරට හා දෙවන වරට පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි. ( I J )