හෙට (06දා) ආරම්භවීමට නියමිත උසස්පෙළ විභාගය සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදෙන බව පොලීසිය පවසයි.
ඒ අනුව සම්බන්ධීකරණ මධ්‍යස්ථා හා ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන වෙත පොලිස් සැරයන්වරයෙක් හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් ඇතුව පොලිස් නිලධාරීන් 1029ක් යොමුකරන බව පොලිස් මූලස්ථානය පවසයි.
ප්‍රශ්න පත්‍ර හා උත්තර පත්‍ර ප්‍රවාහනය කරනු ලබන වාහන සඳහා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් යොදවන බවද පොලීසිය පවසයි.
දිවයිනේ විභාග මධ්‍යස්ථාන 2268ක්, සම්බන්ධිකරණ මධ්‍යස්ථාන 311ක් හා ප්‍රා දේශීය එක්රැස්කිරීම් මධ්‍යස්ථාන 32ක් විභාගය සඳහා යොදා ගැනීමට නියමිතය.