ස්මාර්ට් අත්ඔරලෝසු, ජංගම දුරකථන සහ විද්‍යුත් උපකරණ මගින් උසස් පෙළ විභාග වංචාවක් සිදු කළහොත් වසර 05කට විභාග දෙපාර්තමේන්තුව පවත්වන විභාගවලට පෙනී සිටීම තහනම් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ අවසර නොමැති කිසිදු පුද්ගලයෙකුට ඇතුළු වීම මෙන්ම පාසල් තුළ සිදුකරන ඉදිකිරීම් කටයුතු, උපකාරක පන්ති පැවැත්වීම, ක්‍රීඩා උත්සව සහ රැස්වීම් පැවැත්වීම ආදියද තහනම් බවද විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.
විභාග කටයුතු අධීක්ෂණය කිරීම සඳහා අධීක්ෂණ කණ්ඩායම් සෑම විභාග මධ්‍යස්ථානයක්ම ආවරණය වන පරිදි යොදවා තිබෙන බවද ඔහු පවසා සිටියේය.
විභාගය පවත්වන අවස්ථාවේදී අයදුම්කරුවන්ට බාධාවක් සිදුවන ආකාරයට බාහිර පාර්ශ්වයන්ගෙන් බාධා සිදුවන්නේ නම් ඒ පිළිබඳ විභාග දෙපාර්තමේන්තුවට හා පොලිස් මූලස්ථානයට දන්වන ලෙසට ශාලාධිපතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
විභාගය පැවැත්වීමට විනාඩි 30කට පෙර විභාග මධ්‍යස්ථානයට පැමිණ අසු ගන්නා ලෙසත්, අනන්‍යතාව තහවුරු කිරීම සඳහා විභාග ප්‍ර‘වේශ පත්‍රය සමග ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ වලංගු රියදුරු බලපත්‍රය ඉදිරිපත් කළ හැකි බවත් ඔහු පවසා සිටියේය.
උසස් පෙළ විභාගය අද (06දා) සිට සැප්තැම්බර් 01 වැනිදා දක්වා කාලය තුළ විභාග මධ්‍යස්ථාන 2,268කදී පැවැත්වේ.
මේ සඳහා අයදුම්කරුවන් 321,469ක් පෙනී සිටීමට නියමිතය. යම් විභාග වංචාවක් සිදුවන්නේ නම් ඒ පිළිබඳ 0112 784 208, 0112 784 537 හෝ 1911 යන දුරකථන අංක ඔස්සේ විභාග දෙපාර්තමේන්තුවට හෝ 0112,421,111, 119 දුරකථන ඔස්සේ පොලිස් මූලස්ථානයට හෝ ළඟම පිහිටි පොලිස් ස්ථානයට දන්වන ලෙසද විභාග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.