ශ්‍රී ලාංකික සිසුන් සඳහා උසස් අධ්‍යාපන අවස්ථා ලබාදීම පිණිස ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන සියල්ලෙහිම ප්‍රතීතනය හා තත්ත්ව ආරක්ෂණ සහතික කිරීමට තත්ත්ව ආරක්ෂණ හා ප්‍රතීතන කොමිෂන් සභාව ස්ථාපනය කිරීමට රජයේ අවධානය යොමුව ඇත.
උසස් අධ්‍යාපන ක්ෂේත්‍ර‘යේ ගුණාත්මකභාවය හා ඒකීයභාවය තහවුරු කිරීම, තත්ත්ව ආරක්ෂණ හා ප්‍රතීතන කොමිෂන් සභාව ස්ථාපනය කිරීමට අවශ්‍ය නීති කෙටුම්පත් කිරීමට උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නියාමනය වන විශ්වවිද්‍යාල 15ක්, පාර්ලිමේන්තු පනත් මගින් විවිධ අමාත්‍යාංශ යටතේ ස්ථාපිත කර ඇති විශ්වවිද්‍යාල 05ක් හා විදේශ විශ්වවිද්‍යාල සමග අනුබද්ධ වී එම විශ්වවිද්‍යාලවල උපාධි පිරිනමන ආයතන සහ තමන්ගේ උපාධි පිරිනැමීමට අනුමැතිය ලැබ ඇති තවත් උසස් අධ්‍යාපන ආයතන 16ක් මේ වනවිට දිවයිනේ ක්‍රියාත්මක වේ.