2021 අ.පො.ස. උසස් පෙළ විභාගයේදී කෝවිඩ්-19 වෛරසය ආසාදිත විභාග අපේක්ෂකයන් සහ නිරෝධායන වන විභාග අපේක්ෂකයන් සඳහා දිස්ත්‍රික් මට්ටමින් රෝහල් සහ අතරමැදි කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ආශ්‍රිතව විභාග මධ්‍යස්ථාන පිහිටුවීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
එම විභාග මධ්‍යස්ථාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුව ක්‍රියාත්මක කෙරෙන බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස්වරයා පවසයි.
එවැනි විභාග අපේක්ෂකයන් නම් කරන ලද විශේෂ විභාග මධ්‍යස්ථානවල නේවාසිකව සිටිමින් විභාගය සඳහා පෙනී සිටිය යුතු බවද එම නිවේදනයේ සඳහන් වේ.එම මධ්‍යස්ථානවල නේවාසිකව සිටිමින් විභාගය සඳහා පෙනී සිටීමට අවශ්‍ය සියලුම පහසුකම් සංවිධානය කර ඇති බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.
සියලුම කෝවිඩ්ආසාදිත විභාග අපේක්ෂයන් මෙම විශේෂ විභාග මධ්‍යස්ථානවල නේවාසිකව සිටීම අනිවාර්ය වන අතර, වෙනත් කිසිදු ස්ථානයකදී විභාගයට පෙනී සිටීමට ඔවුන්ට අවස්ථාව නොමැති බවද විභාග කොමසාරිස්වරයා දන්වා සිටියි.
විභාගය පැවැත්වෙන කාලය අතරතුර නිරෝධායන වීමට සිදු වන විභාග අපේක්ෂයන්, විභාග ප්‍රවේශ පත්‍රයේ සඳහන් තමන්ට නියමිත විභාග මධ්යස්ථානයේපිහිටුවා ඇති විශේෂ විභාග කාරමයේදී විභාගයට පෙනී සිටිය යුතුය. එමෙන්ම එම අපේක්ෂකයන් තමා නිරෝධායනය වන බව විභාග ශාලාධිපතිට දන්වා සිටිය යුතු බවද විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.