උප්පැන්න සහතිකයක් නොමැති වීමේ හේතුව මත මෙතෙක් ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට නොහැකි වූ පුද්ගලයන් සඳහා ජාතික හැඳුනුම්පත් ලබාදීමේ ක්රම වේදයක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් හඳුන්වාදී තිබේ.
මේ සඳහා වන චක්ර ලේඛය පිළිබඳව මේ වන විටත් සියලුම ප්රා දේශීය ලේකම්වරුන්ට හා ග්රාම නිලධාරීන් දැනුවත් කර ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනුව උප්පැන්න සහතිකය නොමැතිවීම හේතුවෙන් ජාතික හඳුනුම්පත් නොමැති වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයන්ට මෙසේ ජාතික හැඳුනුම්පත ලබාගැනීමේ අවස්ථාව හිමිව තිබේ.


