සි/ස මහවැලි කන්සල්ටන්සි බියුරෝ පුද්ගලික සමාගම විසින් 2024 වර්ෂයේ දි විවිධ කාර්යයන් සදහා උපදේශකයින් 26 දෙනෙකු බදවාගෙන මාසික දිමනා ලෙස එම උපදේශකයින්ට රුපියල් මිලියන 38.74ක මුදලක් ගෙවා තිබුනද එකි උපදේශකයින් විසින් සමාගම වෙත සිදුකරණු ලැබු දායකත්වය නිශ්චිතව හදුනා ගැනිමට නොහැකිවි ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
විගණනය මගින් සිදුකරණු ලැබු නියැදි පරික්ෂාවේ දි උපදේශකවරුන් 04 දෙනෙකු සදහා රුපියල් මිලියන 1.6ක් ගෙවිම සදහා පාදකකරගත් තොරතුරු විගණනයට ඉදිරිපත් නොවු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
අදාළ කාර්ය නිසි පරිදි ඉටුකළ බව හා ඊට අදාළ ඉදිරිපත්වු තොරතුරු නිවරදි බවට කිසිදු පුද්ගලයෙකු සහතික කර නොතිබුණි. මෙම උපදේශකයින්ගේ පැමිණිම සනාථ කිරිම සදහා ඇගිලි සලකුණු යන්ත්රයේ සටහන් ඉදිරිපත් කොට නොමැති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.