උද්ධමනය තවදුරටත් ඉහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙයි. ඒ අනුව අගෝස්තු මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය 64.3% දක්වා ඉහළගොස් තිබේ. ජුලි මාසයේදී එම අගය සටහන් වූයේ 60.8%ක් ලෙසටය.
ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 70 මට්ටම ඉක්මවා යනු ඇතැයි මීට පෙර සඳහන් කළත් මහ බැංකු අධිපතිවරයා මෑතකදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ එසේ උද්ධමනය සියයට 70 සීමාව ඉක්මවා නොයනු ඇති බවයි.