මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් අධිකරණය මග හරමින් සිටින රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ලංකාවට ගෙනවිත් දෙන බවත් ඔහුට ලංකාවට පැමිණෙන ලෙස දැනුම් දුන් බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
අනුරාධපුරයේදී ඊයේ (18දා) පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
“මුලින් ඒ අය ගෙන්න ගන්න ඕන. ඒ අය ගෙන්න ගැනීමේ අයිතිය තියෙන්නේ ආණ්ඩුවට. උදයංගට ගන්න මහන්සිය මෙයාට (අර්ජුන් මහේන්ද්‍රන්) ගන්නේ නෑනේ. අපි උදයංගව ගෙන්නලා දෙනවා. අපි කිව්වා උදයංගට එන්න කියලා. දැන් මිනිහා ඒවි. ආණ්ඩුවට ඒක කරන්න බෑනේ. ඒ වගේ අගමැතිතුමාටත් කියන්න පුළුවන් එයාගේ යාළුවානේ (අර්ජුන් මහේන්ද්‍රන්). ʼʼ යැයිද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.