හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කළ අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට අවශ්‍යතාවයක් ඇති වුවහොත්, මෝසමක් මගින් අධිකරණයට දැනුම් දෙන බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
උදය ගම්මන්පිල මහතා විසින් ගොනු කරන ලද රිට් පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා මේ බව ප්‍රකාශය කළේය.