උතුරේදී ඇල්ලූ ධීවර යාත්‍රා වේ රු.මිලියන 1500ක මත්ද්‍රව්‍ය
ශ්‍රී ලංකා නාවික හමුදාව අද (27) අලුයම යාපනය මාදගල්, කුසුමන්තුරෙයි වෙරළ ප්‍රදේශයේ සහ මුහුදු ප්‍රදේශය ආවරණය වන පරිදි සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී රුපියල් බිලියන 1.5කට අධික වීථි වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ හතලිස් පහයි ග්‍රෑම් පන්සීයයක (45.5) පමණ තොගයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ තිස් පහයි ග්‍රෑම් හත්සියයක (35.7) පමණ තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් (01) සහ සැකකරුවෙක් (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
උතුරු නාවික විධානය වෙත ලද විශ්වසනීය තොරතුරකට අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ ආයතනය සහ විධාන දියත් අංශ එක්ව සිදුකල මෙම විශේෂ මෙහෙයුමේදී, මෙම ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙණ ඩිංගි යාත්‍රාව සමඟ සැකකරුවෙකු එම මුහුදු තීරයේදී නාවික හමුදා භාරයට ගනු ලැබීය.
ඒ අනුව, නීතියේ රැහැනට හසුකර ගත් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් යාපනය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂඥ සහය සහිතව සිදුකල වැඩිදුර පරීක්ෂාවේදී, එම මත්ද්‍රව්‍ය තොගයෙහි අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් අසූ එකක (81) පමණ තොගයක් ඇති බවට තහවුරු වූ අතර, එම මත්ද්‍රව්‍ය තොගය, සැකකරු සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

