උතුරු පළාතේ ග්‍රාමීය මාර්ග පුනරුත්තාපනය කිරීම/වැඩි දියුණු කිරීම හා නඩත්තු කිරීම සඳහා වන කොන්ත්‍රාත් පැකේජ 11කින් තුනක් චීන සමාගම් ද්විත්වයකට හිමිව තිබේ.
ඒ අනුව චීන ජාතික තාක්ෂණික ආනයන හා අපනයන සමාගමට පැකේජ දෙකක් හා චීන රාජ්‍ය ඉදිකිරිම් ඉංජිනේරු කෝපරේෂනයට එක් පැකේජයක් හිමිව තිබේ.
මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයන අතර උතුරු පළාතේ ක්‍රියාත්මක වන්නේ දෙවැනි ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනයි.
අමාත්‍ය මණ්ඩලය පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙසේ කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මෙම පැකේජ 11න් ඉතිරි පැකේජ අට ශ්‍රී ලංකාවේ මාගා ඉංජිනේරු සමාගම විසින් ක්‍රියාවට නැංවීමට නියමිතය.
