උතුරේ ධීවර ප්‍රශ්නයට විසදුම ඉන්දියාව හා ශ්‍රී ලංකාව මනා අවබෝධයෙන් යුතුව ගත යුතු බව අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසනවා.
ඒ උතුරේ ධීවර නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
යාපනය හා කිළිනොච්චි දිස්ත්‍රික් ධීවර සංගම් නියෝජිතයින් සමග සාකච්ඡා පැවැත්වුණේ කිළිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීයි.
එහිදී අමාත්‍යවරයා සදහන් කළේ උතුරේ ධීවර ජනතාව නොමග යැවීමට ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රිවරුන් කටයුතු කරන බවයි. එම ගැටලුවට වත්මන් රජය ස්ථිරසාර විසදුමක් ලබා දෙන බවයි අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේ.