අතහැර දමා ඇති හා නවීකරණයට ලක් කළ යුතුව තිබෙන උතුරු පළාත තුළ ඇති ආර්ථික මධ්‍යස්ථාන සහ සමූපකාර ව්‍යාපාරය අලුත් වැඩියා කර කඩිනමින් ප්‍රයෝජනයට ගැනීමට වෙළෙඳ,වාණජ,ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
රුපියල් මිලියන 200කට ආසන්න මුදලක් වැය කොට නිසි ස්ථානීය සැලැස්මක් රහිතව ඉදි කර ඇති යාපනය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සැල් 20ම මේ වන විට කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අතහැර දමා ඇත.
වෙළෙඳ සැල් 40ක ප්‍රමාණයක් සහිත කිලිනොච්චිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය නවීකරණය කිරීමේ ක්‍රියාවලියේදී ජල පහසුකම්,ප්‍රවාහන පහසුකම්, සනීපාරක්ෂක පහසුකම්,බැංකු කටයුතු වැනි තවත් අවශ්‍ය සියලු පහසුකම් සැපයීමත් ඒ හා සම්බන්ධ ගැටලු සහ අභියෝගත් හඳුනාගෙන තිබේ.
මීට අමතරව ආර්ථික මධ්‍යස්ථානය තුළ වසා දමා ඇති වෙළෙඳ සැල් විවෘත කිරීමට ආදාළ කටයුතු පිළිබඳවත් අවධානයට ලක්ව තිබේ.
රුපියල් මිලියන 291ක වියදමක් දරා 2018 වසරේ ආරම්භ කරන ලද,වවුනියාව විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය මේ දක්වා කිසිදු ආකාරයක ප්‍රයෝජනයක් ගෙන නොමැති බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
දුම්රිය මාර්ගයට යාබදව මෙම වවුනියාව විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ඉදි කර තිබෙන අතර ජලය, සනීපාරක්ෂක පහසුකම්, ප්‍රවාහන පහසුකම්, අරක්ෂාව සහ මෙහි විදුලි පද්ධතිය නවීකරණය කොට ඉතා ඉක්මනින් වැඩ කටයුතු අවසන් කිරීම සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
ඒ අනුව "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" යන තේමාව ඔස්සේ යමින් මේ වන තුරු කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අතහැර දමා ඇති මෙම ආර්ථික මධ්‍යස්ථාන සියල්ල ගොවියන්ගේ, වෙළෙඳුන්ගේ සහ ප්‍රදේශයේ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් නවීකරණය කොට සක්‍රීය ආර්ථික මධ්‍යස්ථානයන් ලෙස ලබන සැප්තැම්බර් මස නැවත විවෘත කිරීමට සැලසුම් කර තිබේ.