යාපනය දිස්ත්‍රික්කයේ මණ්ඩතිව් ප්‍රදේශයේ නවීණ තාක්ෂණයෙන් යුත් මුහුදු පැළෑටි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අවශ්‍ය මුලීක වටයේ සාකච්ඡාවක් ඊය් (28දා) ඉන්දීය ආයෝජකයන් පිරිසක් හා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අතර ධීවර අමාත්‍යංශයේදි පැවැත්විණි.
මෙහිදි අදහස් දැක්වු අමාත්‍යවරයා කලාපයේ අසල්වැසි රටක් ලෙස අපරට වර්තමානයේ වැටී තිබෙන ආර්ථික අගාධයෙන් ගොඩ ඒමට සිදු කරනු ලබන අධාර හා උපකාර පිළිබදව අගය කරන අතරම මෙවැනි පසුබිමක ලංකාවේ නවීණ තාක්ෂණය යොදවා තිරසාර ආර්ථික සංවර්ධනයක් ලබා ගැනීමටමුහුදු පැළෑටි වගාකිරීමට ඉන්දීය ආයෝජකයන්ගෙන් ලැබෙන සහය ඉතා ඉහළින් අගය කරන බවත්. ඒ අනුව මණ්ඩතිව් ඇතුලු උතුරේ අනෙකුත් ප්‍රදේශවලත් සුදුසු ඉඩම් හදුනාගෙන මෙම ව්‍යාපෘතිය දියත් කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට ධීවර අමාත්‍යවරයා ලෙස තමන් කටයුතු කරන බවද පැවසීය.
මෙහිදි අදහස් පළකර ඉන්දීය ආයෝජක පිරිසේ නියෝජිතයකු පවසා සිටියේ, ලංකාවේ උතුරු මුහුදේ මෙන්ම අනෙකුත් පළාත් වලද ජලජීවි වගාව හා ජලඡ පැළෑටි වගාව දියත්කිරීමට සුදුසු ස්ථාන තෝරා ගැනීමට සහය වන්නේනම් ඒ තුළින් ධීවර කර්මාන්තය නගා සිටුවීමට හා ධීවර පවුල්වල ආර්ථිකය ඉහළ නැංවීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට කටයුතු කරන බවයි.
මෙම අවස්ථාවට ධීවර අමාත්‍යංශයේ ලේකම් ඉන්දු රත්නායක, රාජ්‍ය ලේකම් ජයන්ත චන්ද්‍රසෝම, ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් අචාර්ය අශෝකා මහත්මිය ඇතුලු පිරිසක් සහභාගි වූහ.
