එළඹෙන උත්සව සමයත් සමග ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති විම හමුවේ උඩරට සහ පහතරට එලවළු මිල යළිත් ඉහළ ගොස් ඇති බව එලවළු තොග සහ සිල්ලර වෙලදුන් කියා සිටියි.
බෝංචි 520 , කැරට් රු 420 , නුවරඑලිය අල රු 520 , ලික්ස් රු 480 , මාළු මිරිස් රු 800 , බිට්රුට් රු 480 , පතෝල රු 300 , බණ්ඩක්කා රු 280 , වට්ටක්කා රු 280 , රාබු 120 , ගෝවා රු 130 , අමු මිරිස් රු 280 , නයි මිරිස් රු 800 වැනි සිල්ලර මිලකට අලෙවි කරයි.
දිවයිනේ සුපිරි වෙලදසැල් වල එලවළු ඉල්ලුම පහත වැටි ඇති බවත්, එලවළු මිල ඉහල යාම හමුවේ එය 30% දක්වා පමත වැටි ඇති බවයි සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ.
