උත්සව සමයේ වැඩිවන එළවළු මිළ මෙවර පහළට
අවරුදු සමයේ වෙළඳ පොළේ එළවළු මිල විශාල වශයෙන් පහත වැටී තිබීම නිසා ගොවීන් මෙන්ම ව්යාපාරිකින්ද දැඩි පීඩාවට පත්ව සිටින බවත් ඔවුහු කියති.
කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳ සංගමයේ සභාපති ඩි.එන්.සිල්වා මහතා සඳහන් කරන්නේ පවතින තෙල් අර්බුදය ඇතුළු හේතුන් නිසා එළවළු මිලදී ගැනීම සඳහා ව්‍යාපාරිකයන් ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණීම ඉතා අඩු මට්ටමක පවතින බවයි .ඒ නිසාම වෙනත් කිසිදු උත්සව සමයක නොතිබූ ආකාරයට මෙවර එළවළු මිළ සීග්‍රයෙන් පහත වැටී ඇති බවත් ඒ මහතා කීය.
කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳ සංගමයේ ලේකම් සමන් වීරසේකර මහතා සඳහන් කළේ, කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයට විශාල වශයෙන් එළවළු මේ දිනවල ලැබුණත් ඒවා මිල දී ගැනීම සඳහා වෙළඳුන්ගේ පැමිණීම ඉතා අඩු මට්ටමක පවතින බවයි. එලෙස පැමිණෙන කිහිප දෙනා වුවත් එළවළු මිල දී ගන්නේ ඉතා අඩුවෙන් බවත් ඔහු කියයි. මින් පෙර කිලෝ 500 ක් ගෙන෦ ගිය වෙළඳුන් දැන් මිළදී ගන්නේ කිලෝ 250 ක් බවත් කිලෝ 1000 ක් ගත් වෙළඳුන් දැන් ගන්නේ කිලෝ 500 ක් බවත් ඔහු කීය.
මේ වන විට එළවළු මිලද විශාල වශයෙන් පහත වැටී ඇති බවත් ඔහු තව දුරටත් කීය. හුඟක් එළවළුවල මිල රුපියල් 150 ට වඩා අඩු බවත් ඒ මහතා කීය. මාළු මිරිස් රුපියත් 100 ත් 150 ත් අතර පවතින බවත් ගෝවා රුපියල් 70 ත් 80 ත් අතරත් බෝංචි රුපියල් 200 ත් ලීක්ස් රුපියල් 100 ත් 120 ත් අතරත් කැරට් රුපියල් 200 ත් 250 ත් අතරත් අමුමිරිස් රුපියල් 250 ත් 300 ත් අතරත් තක්තාලි රුපියල් 80 ත් 100 ත් අතරත් වැනි පොඩි පොඩි මිල ගණන් යටතේ එළවළු අලෙවි වන බවත් ඒ මහතා කීය. අවුරුදු සමයට ඉතිරිව තිබෙන ඉතිරි දින කිහිපයේදීවත් මේ ගොවීන්ටත් වෙළඳුන්ටත් සාධාරණයක් වනු ඇති බව විශ්වාස කරන බවත් ඒ මහතා කීය.
මොහොමඩ් ආශික්

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
