උත්සව සමයේදී මගී ප්‍රවාහනය සඳහා අමතර බස්රථ 700ක් පමණ යෙදවීමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු කර තිබේ. ඒ අනුව එම බස්රථ කොළඹ සිට දිවයිනේ විවිධ ප්‍රදේශ වෙත මේ වනවිට යොදවා ඇත.
මීට අමතරව අන්තර් පළාත් පෞද්ගලික බස්රථ සේවාවක්ද 19 වැනිදා දක්වා ක්‍රියාත්මක කෙරෙන බවත්, ඒවාට අවශ්‍ය ඉන්ධන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මට්ටක්කුලිය, මහරගම, මොරටුව හා තලංගම යන ඩිපෝ මගින් නිකුත් කෙරෙන බවත් ප්‍රවාහන අමාත්‍යාංශය පැවසීය.
මෙහිදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් අමතර බස්රථ 200ක් ධාවනයට එක් කරනු ඇත. එසේම අධිවේගී මාර්ගයේද අමතර බස්රථ සේවාවක් යොදවා ඇති අතර, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින්ද අමතරවබස්රථ 300 -500 අතර ප්රමාණයක්ධාවනයට එක් කරනු ඇත.
මේ අතර ගම්බිම්වල සිට කොළඹට ආපසු පැමිණෙන මගී ජනතාව සඳහා අප්‍රේල් මස 17වැනිදා සිට බස්රථ ආපසු ගමන් වාර ක්‍රියාත්මක කෙරේ.