විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් අතර පැනනැගී ඇති උසස් පෙළ ප්‍රශ්නපත්‍ර ඇඟයිමේ ගැටලුකාරී තත්ත්වය තවත් දිනකින් හෝ දෙකක් ඇතුළත විසඳෙනු ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි .
ඒ මහතා මේ බව පවසා සිටියේ ඊයේ (29) පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් ආරම්භ කරන ලද වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයට පළමු ශිෂ්‍ය කණ්ඩායම බඳවා ගැනීමේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිණි .
එහිදී ඔහු විසින් පවසා සිටියේ එම ප්රශ්නය දී පෙරදාට වඩා ඊයේ හොඳ බවත් ඊයේට වඩා අද හොඳ බවත්ය.
මෙම ප්රශ්නය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සමඟ තමන් සාකච්ඡා කළ බව පැවසූ මහාචාර්යවරයා එහිදී සාධනීය ප්‍රතිඵල ලැබී ඇති බවද පැවසීය.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතර ගැටුම්කාරී තත්වයක් නොමැති බව පැවසූ ඒ මහතා තවත් දින දෙකක් තුනක් ඇතුලත මෙම ප්රශ්නය විසඳෙනු ඇති බවත් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන කණ්ඩායම් ඒ සඳහා ඉදිරිපත් වන බවට මේ වන විට ඉඟි පළවී ඇති බවද පැවසීය .
මෙම උත්තර පත්‍ර ඇගයීම් කටයුතු මහාචාර්යවරුන් විසින් ස්වේච්ඡාවෙන් කරන කටයුත්තක් බවත් එහි විශාල ගුණාත්මක භාවයක් රැකගත යුතුව තිබෙන බවද පැවසිය.
උත්තර පත්‍ර ඇගයීම් උත්තර පත්‍ර සකස් කිරීම් ආදී කටයුතු විභාග දෙපාර්තමේන්තුව සමග පෞද්ගලිකව ගොනු කරන අවබෝධතා ගිවිසුමක් යටතේ කටයුතු සිදු කරන බවත් ප්‍රශ්න පත්‍රවල රහස්‍ය භාවය අතිශයින් රැකී තිබෙන බවද පැවසීය .
උසස් පෙළ විභාගය සඳහා වාර්ෂිකව සිසුන් ලක්ෂ තුනක් පමණ ඉදිරිපත් වන බවත් එම සිසුන් අතරින් එක් එක් ලක්ෂ හැත්තෑ පන්දහසක් පමණ විශ්ව විද්‍යාලයට ඇතුල් වීම සඳහා අවම සුදුසුකම් ලබන බවත් ඒ අතරෙන් සිසුන් හතළිස් තුන් දහසක් පමණ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් විශ්වවිද්‍යාල වෙත යොමු කරන බවද පැවසීය.
ෂේන් සෙනෙවිරත්න