උතුරු මුහුදු තීරයට අනවසරයෙන් ඇතුල් වී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු හා ඔවුන් පැමිණි ට්‍රෝලර් යාත්‍රා 3ක් උතුරු නාවික විධානයේ නිලධාරීන් විසින් ඊයේ (20) දින අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී කරෙයිතිව් දුපතට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී ට්‍රෝලර් යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් පස්දෙනෙකු ද, ඩෙල්ෆ් දුපතට බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී ට්‍රෝලර් යාත්‍රා දෙකක් සහ එහි සිටි ධීවරයින් අටදෙනෙකු ද නාවික හමුදාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිරිස ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය වෙත රැගෙනවිත් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරේයි පොලීසිය වෙත භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගෙන ඇත.
අත්අඩංගුවට ගත් ට්‍රෝලර් යාත්‍රාවල තිබී මසුන් තොගයක් ධීවර ආම්පන්න තොගයක් හා ජී.පී.එස්. යන්ත්‍ර, වෝකිටෝකි, ඇතුළු සන්නිවේදන උපකරණ තොගයක් හමු වී ඇත.
මෙම වසරේදි ගත වූ කාලය තුළදී පමණක් නීතිවිරෝධී ලෙස මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 31 දෙනෙකු සමඟින් ධීවර යාත්‍රා 05 ක් නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවටද උතුරු නාවික හමුදා නිලධාරීන් වැඩිදුරටත් කියා සිටියේය.