යුද්දෙන් පසුව උතුරේ බිම්බෝම්බ ඉවත් කිරිමේ කටයුතුවල නිරත රාජ්ය හා රාජ්ය නොවන සංවිධාන විසින් උතුරු පළාත තුළ වර්ග මීටර් 955, 511 ක භූමියක් තුළ බිම්බෝම්බ 20,984ක් සොයාගෙන ඇති බවට එම සංවිධාන කියාසිටිති.
උතුරු පළාතේ වැඩි වශයෙන්ම යාපනය හා මුලතිව් දිස්ත්රික්කයන්හි බිම්බෝම්බ තොගයක් වළදමා තිබූ අතර එහිදී යාපනය මුහමාලෙයි ප්රදේශයේත් මුලතිව් පුදුකුඩිඉරිප්පු, අම්බකාමම් වැනි ප්රදේශයන්හි වැඩි බිම්බෝම්බ තොගයක් වළදමා තිබූ බවටද බිම්බෝම්බ ඉවත් කිරිමේ සංවිධාන විසින් කියාසිටියි.
මේ අතර උතුරේ වළදමා තිබි බිම්බෝම්බ වලට අමතරව ජීවිත හානි සිදුකල හැකි විවිධ වර්ගයේ මර උගුල්ද අටදහසක් පමණ හමුවි ඇත.
මේ අනුව මේ වනවිට 95%කට අධික ප්රතිශතයකින් බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු අවසන් වි ඇති අතර බිම්බෝම්බ ඉවත් කිරිමේ කටයුතු වල අවසන් අදියරට පැමිණ ඇති හෙයින් ඉතා ඉක්මනින් බිම්බෝම්බ වලින් තොර ශ්රී ලංකාවක් වශයෙන් දැකිය හැකි බවටද උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වල නිරත රාජ්ය හා රාජ්ය නොවන සංවිධාන විසින් වැඩිදුරටත් පවසයි.