උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධාන මන්ත්රී තුරෙයිරාසා රවිහරන් මහතා අද (10දා) සවස මුලතිව් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මන්ත්රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ රජයේ දේපලවලට හානි කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අනුවය.
පසුගිය 02 වනදා මුලතිව් ධීවර පරික්ෂක කාර්යාලය ඉදිරිපිටදී මුලතිව් ධීවරයින් පිරිසක් සමග ධීවර පරික්ෂක කාර්යාලයට කඩා වැදී එම කාර්යාලයේ තිබූ දේපලවලට දැඩි ලෙස හානි කිරීම සම්බන්ධයෙන් මුලතිව් ධීවර පරික්ෂක කාර්යාල නිලධාරීන් පිරිසක් විසින් මුලතිව් පොලීසියට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මුලතිව් පොලීසිය විසින් පරික්ෂණ සිදු කිරීමෙන් පසුව මන්ත්රීවරයා අද (10) සවස අත්අඩංගුවට ගනු ලැබීය.