කිලිනොච්චි දිස්ත්‍රික්කය ඇතුළු උතුරු පළාතේ ප්රමුඛ ගැටළුවක් බවට පත්ව ඇති තැපැල් සහ උප තැපැල්කාර්යාල නොමැතිවීම නිසා ජනතාව පත්ව ඇති අසීරුතාවයන්ට කඩිනම් විසඳුම් ලබා දීම සඳහා ,උතුරු පළාත් දේශපාලන නියෝජිතයින් සමග සාකච්ඡා කර අවශ්‍ය විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
කිලිනොච්චි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රී ධරන් මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
දිවයින පුරා නව තැපැල් සහ උපතැපැල් කාර්යාල පිහිටුවීම තාවකාලික අත්හිටුවා ඇති බවත් 2020 /2021 සහ ඉදිරි වර්ෂයේද භෞතික ඉදි කිරීම් කිසිවක් සිදු කළ නොහැකි බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, එහෙත් ඉදිරියේදී සංවර්ධන කටයුතු ආරම්භ කළ විගස එම දිස්ත්‍රික්ක සඳහා ප්‍රමුඛතාවය දීමට කටයුතු කරන බව අවධාරණය කළේය.
භූ ගෝලීය විශාලත්වය සහ ජන ගණත්වය අනුව බලන කල කිලිනොච්චිය ඇතුළු උතුරු පළාත තුළ පිහිටවිය යුතුව ඇති තැපැල් සහ උපතැපැල් කාර්යාල පිහිටුවා නොමැති බවත් යුද්ධයෙන් පසු වැඩ අවසන් කිරීමට නොහැකි තැපැල් කාර්යාල පවා තිබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.