යාපනය ආරක්ෂක සේනා කලාපයේ ආරක්ෂක අංශ කඳවුරු සහිත ඉඩම් නැවත මුල් පදිංචිකරුවන් වෙත ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් උතුරු පළාත් ආණ්ඩුකාර අචාර්ය සුරේන් රාඝවන් මහතා හා යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා අතර ඊයේ (04) යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේදී පැවැත්විණ.
යාපනය ආරක්ෂක අංශ සතු සිවිල් ජනතාවගේ නිදහස් කළ හැකි ඉඩම් සම්බන්ධයෙන් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා යාපනය ආරක්ෂක සේනා ආඥාපතිවරයා සමඟ සාකච්ඡා කරනු ලැබීය.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත උතුරු පළාතේ ආරක්ෂක අංශ සතුව පවතින නිදහස් කළ හැකි සියලුම ඉඩම් කඩිනමින් නිදහස් කිරීමට පියවර ගත යුතු බව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පැවසුවේය.
යාපනය ආරක්ෂක සේනා කලාපය සතුව පැවති නිදහස් කළ ඉඩම් සම්බන්ධයෙන් හා නිදහස් කිරීමට නියමිත ඉඩම් සම්බන්ධයෙන් යාපනය ආරක්ෂක සේනා ආඥාපතිවරයා විසින් උතුරු ආණ්ඩුකාරවරයා දැනුවත් කරන ලදි.