නිරිත දිග මෝසම ඉදිරි දින කිහිපයේදි දිවයින හරහා ස්ථාපිත වෙනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එසේම සබරගමුව පළාතෙත් කලුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වැසි අපේක්ෂා කරන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
ඌව හා නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.