නීති විරෝධී ලෙස මුදල් ගණුදෙනු ( උන්ඩියල් ක්‍රමයට) සිදුකරන පුද්ගලයෙකු සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය වෙත ලද තොරතුරකට අනුව 2026.08.18 වන දින සවස වේල්ලවීදිය පොලිස් වසමේ වැටලීමක් සිදුකර ඇත.
එහිදි රුපියල් 10,467,000/= ක ( එක් කෝටි හාර ලක්ෂ හැට හත් දහසක් ) මුදලක් උපයාගැනීම සම්බන්ධව තහවුරු කිරීමට නොහැකි වීම හේතුවෙන් මුදල් විශ්‍රද්ධිකරණ පනත යටතේ සහ ව්‍යාජ රුපියල් 1000/= නොට්ටුවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අවුරුදු 19 ක් වන කොළඹ 05 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.