ශ්රී ලංකා මහවැලි අධිකාරිය සහ හොරණ වැවිලි සමාගම එක්ව උණ ශාක පැළ 500ක් රෝපණය කිරිම අද තලවකැලේ ලිදුල බඹර කැලේ රහන්වත්තේදි (18) දින සිදු කෙරිණ.
සැප්තැම්බර් මස 18 වන දිනට යෙදී ඇති උණ ශාක දිනය නිමිත්තෙන් ශ්රී ලංකා මහවැලි අධිකාරිය හොරණ වැවිලි සමාගම සමග එක්ව මහවැලි ප්රධාන ගංගාව වන කොත්මලා ඔයට ජලය ගලා බසිනා රහන්වත්ත ජල පෝෂක ප්රදේශයේ උණ පැළ රෝපණය කරනු ලැබීය.
රජ්ය අංශය පෞද්ගලික අංශය සමග එක්ව පරිසර සංරක්ෂණය කල යුතු බවට ගෙන ඇති ප්රතිපත්තිමය තීරණයට අනුව ශ්රී ලංකා මහවැලි අධිකාරිය හොරණ වැවිලි සමාගම සමග එක්ව කොත්මලාඔයේ ජල පෝෂක ප්රදේශයේ උණ ශාක රෝපණය කිරිම සිදු කල බවයි ශ්රී ලංකා මහවැලි අධිකාරියේ වන සහ පරිසර අධ්යක්ෂක ප්රසන්න ජයතිලක මහතා කියා සිටියේ.
උණ ශාකය තුලින් පරිසර පද්ධතිය ආරක්ෂාකර ගැනීම, පස සංරක්ෂණ ක්රියාවලිය, පරිසරයට ඔක්සිජන් නිකුත් කිරිම සහ ජල මූලාශ රැක දීම ඇතුලු පරිසර ක්රියාවලියන් ගණනාවක් සිදු කරන බවයි ප්රසන්න ජයතිලක මහතා කියා සිටියේ.
උණ ශාක රෝපණය කිරිමේ අවස්ථාවට ප්රදේශයේ පාසල් ළමුන්, ශ්රී ලංකා මහවැලි අධිකාරියේ නිළධාරින් සහ හොරණ වැවිලි සමාගමේ නිළධාරින් රැසක් සහභාගි වී සිටියහ.
ලෝක උණ ශාක දිනයේ පළමු අදියර යටතේ උණ ශාක 500ක් ශ්රී ලංකා මහවැලි අධිකාරිය විසින් හොරණ වැවිලි සමාගම වෙත නොමිලේ ලබා දී ඇත. (IJ)
හැටන් රංජිත් රාජපක්ෂ