උඩවලව ජලාශයේ ජල මට්ටම 99%ක් දක්වා ඉහළගොස් තිබෙන බැවින් එහි වාන් දොරටු ඕනෑම අවස්ථාවක විවෘත කිරීමට සිදුවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
එබැවින් වලවේ ගඟ දෙපස සිටින ජනතාව ගඟේ ජල මට්ටම ඉහළ යෑම පිළිබඳ සැලකිලිමත් විය යුතු බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
මීට අමතරව අම්බලන්තොට අවට ජනතාවද ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතු බවද හෙතෙම පවසා සිටියේය.