උඩරට කඳුකරයේ මාර්ගවල රථ වාහන අවම කිරීමේ අරමුණින් “තවත් ටිකක් පරිස්සමින්” වැඩසටහන යටතේ කඳුකරයේ දැඩි බෑවුම් සහිත මාර්ගවල ආරක්ෂිත පැති බැමි සහ රියදුරන් දැනුවත් කිරීමේ මාර්ග සංඥා පුවරු සවි කිරීමේ වැඩසටහනක් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ආරම්භ කොට තිබේ.
මෙහි පළමු අදියර යටතේ පසුගිය මැයි මස 11 දින නුවරඑළිය- ගම්පොල මාර්ගයේ ගැරඬිඇල්ල ප්රදේශයේ සිදු වූ අතිශය බිහිසුණු බස් අනතුර සිදු වූ ප්රදේශයේ මාර්ග දෙපස පැති බැමි යෙදීම සහ මාර්ග සංඥා පුවරු සවි කිරීම මේ දිනවල සිදු කරනු ලබයි.
මෙම අනතුරින් පුද්ගලයන් 24කු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් 50කට අධික පිරිසක් දරුණු තුවාල ලැබූ අතර, එම ස්ථානය ඇතුළු එම මාර්ගයේ දැඩි බෑවුම් සහිත ස්ථානවල පස් බැමි ඉදි කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.