බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ පසුපස එන්ජිම (30) දින දහවල් 12.30 පමණ පීලි පැනීම නිසා උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසීය.
නාවලපිටිය දුම්රිය ස්ථානයට ආසන්නයේ ජයසුන්දරඕවිට ප්රදේශයේදි දුම්රිය එන්ජිම පීලි පැනීමට ලක් ව ඇත.
පීලි පැනීමට ලක් වූ එන්ජිම ගලවා ඉවත් කර එම දුම්රියේ ඉදිරිපස එන්ජිම සහිතව දුම්රිය නාවලපිටිය දුමිරිය ස්ථානය දක්වා ධාවනය කිරිමට නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය කටයුතු කරනු ලැබීය.
මෙම ස්ථානයේම මෙම මාසය තුළදි දුම්රියන් තුනක් පීලි පැනීමට ලක් වු බව ප්රදේශවාසින් කියා සිටියි.
පිලි පැනිමට ලක් වු උඩරට මැණිකේ දුම්රියේ එන්ජිම පිලිගත කිරිමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බවත්, එතෙක් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා පැමිණෙන බව පාලක මැදිරිය කියා සිටියි.