කෝවිඩ් 19 පැතිර යාමත් සමඟ උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ - බදුල්ල අතර දුම්රිය ධාවනයද නවතා දමා දැනට මාස පහකට ආසන්න කාලයක් ගතව තිබේ.
බදුල්ල - කොළඹ කොටුව අතර දිනපතා ධාවනය වූ උඩරට මැණිකේ , පොඩිමැනිකේ , විශේෂ සීඝ්රගාමි දුම්රියන් මෙන්ම රාත්රි තැපැල් දුම්රිය මාස පහකට ආසන්න කාලයක් පුරා ධාවනය නොවී උඩරට දුම්රිය මාර්ගයේ අවසන් දුම්රිය ස්ථානය වන බදුල්ල දුම්රිය ස්ථානයේ නවතා තිබෙන අයුරු ජායාරූපයෙන් දැක්වේ .
දුම්රිය ධාවනය නොකෙරුණත් දිනපතාම පාහේ උඩරට මැණිකේ , පොඩිමැනිකේ දුම්රියන් පනගන්වන බවද දුම්රිය බළධාරීන් පැවසූහ.